විරාමයක්!

ප්‍රිය රසික රසිකාවිය
sl-end

සියළුම කතාවල අවසාන කොටස් අද පලවේ

 පුරා වසර දෙකකටත් අධික කාලයක් තිස්සේ ඔබවෙත චිත්‍රකතා ගෙනා SL-COMICS තුලින් කලකට විරාමයක් ගැනීමට සිදුවී ඇත. චිත්‍රකතා ලොවේ සංවාදයක්, පිබිදීමක් හෝ උනන්දුවක් යම් තරමකට හෝ මෙම වෙබ් අඩවියමඟින් සිදුවුවානම් ඒ ගැන නිහතමානීවම සතුටු වෙමි. SL-COMICS හා රැදී සිටි දයාබර ඔබට තුති. ඒ සමඟම බොහෝ ප්‍රවීන චිත්‍ර ශිල්පීන් පවා මේ පිළිබදව අදහස් දක්වමින් කළ  දිරි ගැන්වීම් අගය කරමි. නන් අයුරින් කතා සොයා දුන් අයටත් මාගේ ස්තුතිය පුද කරමි. එසේම ඉතා උනන්දුවෙන් SL-COMICS වෙත කතා සපයා දීමට ඉදිරිපත් වූ නිශාන්ත කෝදාගොඩ මහතාට මාගේ විශේෂ ස්තූතිය පිරිනමමි. කිසිදු පෞද්ගලික ලාභ ප්‍රයෝජනයකින් තොරව ඔහු මේ සහයෝගය ලබා දුන් අතර ඉදිරියටත්  ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටී.

මෙලෙස සමුගෙන ගියත් තවත් නුදුරු දිනෙක නව මුහුණුවරකින් ඔබ හමුවීමට බලාපොරොත්තු වෙමි. හැකි පමණ ඔබේ ඉල්ලීම ඉටු කල අතර එසේ කල නොහැකිවු ඉල්ලීම් ගැන සමාවන්න. අපගේ සියළුම චිත්‍ර ශිල්පීන්ට තව තවත් නව නිර්මාණ කිරීමට හැකියාව හා ශක්තිය ලැබේවා කියා පතන අතර ඔවුන්ගේ නිර්මාණ වලට හැකි සහයෝගයක් වේනම් ලබා දෙන්න.

ඔබ සැමට ජය හා සතුට

සංස්කාරක