ඵක්වන්න SL-COMICS සමග…

This blog is all about sinhalese comics and comic fans. I have come across several blog pages, face book pages that have been trying to offer some of the information of sri lankan comics. But unfortunately any of those sites does not offer our comic fans the pleasure of re-visiting the comic stories that they enjoyed over the years spanning from 60’s-90’s. Even though it was a short period of time, some of the comics artists and comics created it is place in our hearts. Comic lovers are still willing to pay anything to get hold of these comics because of their love for comics.

Renowned artists such as Daya Rajapaksha, Bandula harishchandra, Susil Premarathne etc. immensely contributed to the success of comics from the beginning. There have been several comic books and many number of comic artist but some of those artists are completely have been disappeared today. I urge all the fans to send me any information about comic artist that you might know. The comic artists, if they happen to come across either this blog or my website, can send me a brief description about themselves which will be added with a picture.

My website about sri lankan comics with in-deapth details about the history of comus, comic artists and etc. will be uploaded soon ( the site was online a year ago but had to close down since I was too occupied). Then there is face book fan page,SLCOMICS, which will be used to make aware of  this blog and the website. Apart from that I will also upload some classic comic pages from various comic papers and artists.

This blog will be dedicated primarily for ‘comic stories’. I will upload some of the comics from some of the greatest comic artists in the country. You can select an artist from the ‘Artists’ menu and then select a story from that artist. ( only if available. As for now there will be only few stories but this will keep growing.) I have kept the blog really simple to make it easy for you to navigate. The side bar ( at the right hand side)will also help you to quickly find the comics or comic artists and read a particular comic story. This is where you can read a story from the beginning and to the latest episodes I have uploaded so far. The home page will be the place where you will see the current updates. ( updated daily so keep coming..)

Hope you guys will let me know how you like the blog. do post your comments, ideas and suggestions. share your ideas and suggestions. There is a opinion poll on face book page through which you can vote for your favorite comic artist. I ll also issue notifications on fb fan page about the comics that I upload here. (if it is a new story).

I would like to add that this blog or my website or fb fan page are not used for any commercial purpose. There is no motive to make money with these comics. I also don’t have any right over these comics. The soul purpose is to let another generation to know that there was such a medium as sinhalese comics and to keep alive that wonderful era for many more years.

376 comments

  1. piyal

    udema negitina kota kathaa tika mathak wenakota aasa hithenawaa balala iwara wenakota maara dukayi iwara unaata…samahara dawas walata 11.00 pm walata balanna puluwan unat eelaga dawase balanna deyak neti wena nisaa nonala innawaa..ane admin mithura obata godaak pin sidda wenawaa

  2. Buddhika Udayajith Dodampegamage

    ඇත්තටම රෑ 11 ට සමහර වෙලාවට මමත් online ඉන්නවා ..එත් ඊළඟ දවසේ උදේ බලනකන් slcomics බලන්නේ නෑ ..උදේ පාන්දර කතා ටික බලල වැඩ පටන්ගන්නකොට අමුතු ආතල් එකක් තියනවා. චිත්‍ර කතා පත්‍රයක් බලනවට වඩා slcomics ගොඩක් හොඳ දිනපතා පලවෙන නිසා වගේම වෙනස් ආකාරයේ කතා උවමනාවෙන්ම තෝරලා පලකරන නිසා. එකම ශිල්පියාගේ කතා 3 ක් 4ක් එකම පත්‍රයේ පලවුනාට slcomics එහෙම කරන්නේ නෑනේ.. ඇඩ්මින් මහතා ඉතාම උනන්දුවකින් මෙය මෙහෙයවනවද කියන එක පැහැදිලිය්.. ඇඩ්මින් මහතාට, නිශාන්ත කෝදාගොඩ මහතාට , රන්ජිත් බණ්ඩාර මහතාට , සුදත් ප්‍රියන්ත මහතාට , ආනන්ද දිසානායක මහතාට , ශ්‍රීලාල් නානායක්කාර මහතාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා ..ඒ හැමෝටම පින්

    • DDR564

      මම මුළු දවසම කොම්පුටරෙන් තමා වැඩ. මොකද එකක් ඒක මගෙ රස්සාව. දෙවැනි එක මට නින්ද ඇලජික්. පොඩි කාලෙ ඉදලම එහෙම තමා. මට ඉතින් මේ වැඩේ මුල ඉදලම අහුවුණා. වැඩ කරල එපා වුණාම සයිට් දිගේ දුවනවා. හැබැයි මේකෙන් මගෙ ස්ටඩි එක විශාල වුණා. මම නිතරම කාලයක් කමෙන්ට් කළා. මගෙ අදහස් යොමු කළා. මට හිතෙනව දැන් හොද මට්ටමක වැඩේ යනවා. මටත් හරි සතුටුයි. මේක හරියට පුරාවස්තු හොයනව වගේ වැඩක්නෙ. මේ වැඩේ හින්ද චිත්‍රකතා කලාවට නව තත්ත්වයකුත් ආවා. පත්තර කීපයක් ගැහුවා. සමහර ඒව දැන් නැහැ. අර මාලිංග කීව වගේ මේක තමයි ලංකාව යන විදිහ. මම මේ දවස්වල ගොඩක් ආස මාතලීට. කොහොමත් දයා මාස්ටර්ගෙ කතාවල මහ පොළොව තියෙනවා. එයා ඉතින් සාජන්නෙ. එයා දන්නව අපි ගැන. සැමට ජය

      • SLCOMICS

        DDR ඔබ බලන slcomics කතාවක් අවසානයේ එයට විචාරයක් ලියන්න හැකිනම්. SL-COMICS සමඟ සැමදා සිටින ඔබට අපේ ස්තූතිය

    • SLCOMICS

      @Buddhika, හරිම සුන්දර comment එකක්. මේ කරන වැඩේ එලොවටත් නැති මෙලොවටත් නැති වැඩක් කියල හිතෙන වෙලාවට මේ වගේ අදහසක් දැක්කම එක නැතිවෙලා යනවා. ස්තූතියි ඔබට

      • comic lover

        මේ වැඩේ එලොවටත් මෙලොවටත් දෙකටම හොඳක්ම වෙන වැඩක් කියල හිතන්න, ඔබටඩ් දීර්ඝායුෂ , ජයෙන් ජය

      • Buddhika Udayajith Dodampegamage

        slcomics එක්ක එකතුවෙලා ඉන්නේ හරිම සුන්දර මිනිස්සු ටිකක් කියන එක මේ අදහස් කියෙව්වහම ඉතා පැහැදිළි වෙනවා .. ඔබ සියලුදෙනාටම ස්තුතිය්

  3. DDR564

    තමන්ගෙන් පිටත ලෝකයට සතුටක් අරන් යන එක හරිම අමාරු දෙයක්. අපි සතුටු වෙන්න කියල කෙනෙක්ට දෙන දෙය එයා සතුටින් බාර ගන්නවනම් අපිටත් ලැබෙන්නෙ ලොකු සතුටක්. ඒ අතින් ගත්තාම මේක හරි අහිංසක වැඩක්. අනිත් අය සතුටු වුණොත් තමන්ට සතුටු වෙන්න පුළුවන් දෙයක්. ඒක නිසා මට ඔබ මේ කරන දෙය ගැන තියෙන්නේ විශේෂ ඇල්මක්. මම ඒ වෙනුවෙන් වෙලාව වෙන් කරල තියෙන්නෙ ආශාවෙන්මයි. මම වටේ තියන හැම දේම මට විශේෂයි. වැලි කැටයක් වුණත් මට මහමේරු පර්වතේ වගේ විශාලයි. ඒකට හේතුව මම හුගක් ලොකු දේවල්වල පුංචි දේ දැකල, ඒ පුංචි දේවල් කන්දරාවකින් එකතුවෙන මහ ලොකු දේ දැක්ක. ඇත්තටම ඔබේ ඉල්ලීම පිළිගන්නම්. මම ඉදිරියෙදි ලියන්නම්. -ඔබ සැමට ජය සතුට-

  4. Nishantha Kodagoda

    හිතාදර සහෘදයිනි,

    මා SL-Comics වලට සම්බන්ධ වි දැනට වසර දෙකකට වැඩි කාලයක් ගතවි ඇතත්, මෙම අඩවියෙ මගේ අදහස් දැක්වීම් කලේ ඉතා අඩුවෙන්. එය සමහරවිට comments 2-3 විතර වෙන්නත් පුලුවන්. මා මේ සටහන තබන්නෙ කිසියම් හෙතුවක් නිසා.

    SL-Comics පටන් ගත් මුල් කාලයෙ මා නෙත ගටුනෙ අහම්බෙන්. එවිට එහි පලවි තිබුනෙ සුසිල් ප්‍රේමරත්නයන්ගේ “නිර්භය” කතාව පමනයි. පසුව SL-Comics ඇඩ්මින් සොයුරා සමග සුහදතාවයක් අතිකරගන්නට මා සමත් වුනා. පසුව මා සතුව තිබු පැරණි චිත්‍ර කතා අඩ්මින් වරයාට යොමු කලා.

    මෙම චිත්‍ර කතා මා විසින් සංරක්ෂනය කරනු ලැබූවත් මෙහි ගෞරවය ස්තූතිය හිමිවිය යුත්තේ මගෙ පියාටත්, වැඩිමල් සොයුරන්ටත්. ඔවුන්ගෙන් මා සතු වු මෙ මහගු දායාදය ඔබ වෙත යොමු කිරීමෙන් මා අපේක්ෂා කලේ, මා මෙයින් විදින සුන්දර සතුට සහෘද ඔබ වෙතටත් තිලින කිරීමටයි.

    මෙයින් මා කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොලබනවා සේම අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබාගැනීමට කිසිදු අරමුනක් හෝ අපේක්ෂාවක් නැහැ. එසේම සමහරුන් සිතන ආකාරයට මෙයින් ලබාගන්නා ආර්ථික වාසියක්ද නැහැ. මා මේ සටහන තබන්නේ කිසියම් සිත්තරුන් කිහිප දෙනෙක් හා තවත් සමහරුන් මේ ගැන වැරදි අවබෝධයකින් පසු වන බව පෙනීයන නිසයි.

    බොහො සිත්තරුන් මෙන්ම රසිකයන් ද මෙය අගය කරද්දි සුලු පිරිසක් මෙසෙ ගැරහීම සිත් රිදවන සුලුයි.

    ඔබට සුභ දවසක්.

    • DDR564

      මේ මිනිසුන් සිටින නමුත් මනුෂ්‍යයන් අඩු කාලයක්. ඉස්සර ගෙදරකට පත්තරයක් ගත්තාම ගෙවල් තුන හතරක අය ගෙනිහින් බලනවා. කතා පොත් හදපු අය ගොඩක් වෙලාවට එකට එකතු වෙලයි වැඩේ කළේ. මේ චිත්‍රවලට සහ කතාවලට සිතින් ආදරය කළ යුගයක් තිබුණා. නමුත් පස්සෙ කාලෙක පාඨකයින් මේ කර්මාන්තය අතහැර ගියා. ඒක මේ රටේ විවෘත ආර්ථිකය නිසා ඇතිවුණු රසාස්වාදයේ වෙනස් වීම්වලට අදාල කාරණයක්. නමුත් ඇමරිකාව, ඉතාලිය සහ බොහෝ යුරෝපීය සහ ආසියානු රටවල මේ කලාව නොනැසී නව ප්‍රවණතාවන් අත් කරගෙන තිබෙනවා. විශේෂයෙන් ඩීසී, ඩීසීසී, මාවල් වගේ ප්‍රකාශන. ලංකාවෙ තත්ත්වය ගොඩක් වෙනස් නිසා මේක වෙනමම බලන්න ඕන දෙයක්. ශිල්පීන් පවා කිසියම් ආන්තික භාවයක තමයි ඉන්නෙ. අනික අතරමැද කොල්ලකරුවන් පිරිසක් විදිහට ශිල්පීන්ම ක්‍රියාකරනවා. තවත් වෙලාවට මේ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන කීයක් හරි හොයාගන්න ව්‍යාපාරිකයන් ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා මිනිස්සු හිතන්නෙ නෑ හොද මිනිස්සු ලොකෙ ඉන්නව කියල. මුදලක් ගන්නෙ නැතුව වැඩක් කරනව කියල හිතන්නෙ නෑ. හැබැයි මේ අය ඇදපු කතාවල හිටිය හොද මිනිස්සු. එයාල හිතනව ඇති ජීවතුන් අතර හොද අය නෑ කියල. මම දන්න විදිහට නම් වැඩක් කළාම තමයි බනින්නෙ. නොකර හිටියනම් මුකුත් නෑ. කාට හරි දෙයක් කන්න දීල බලන්න. කන්නෙ බැන බැන. කෑම හොද නෑ කියල අන්තිමට බනිනව. මේක තමයි ඇත්ත. ඇත්ත අපි හිස නමා පිළිගමු. දුක්වෙන්න දෙයක් නෑ. කවදාවත් වැඩක් කරල හොදක් අහන්න මේ රටේ ගොඩක් අමාරුයි. ඒත් දුක් වෙන්නම දෙයක් නෑ. මොකද හොද කියන අයත් ඉන්න නිසා. මතකයි නේද මේ පරණ කතාව? වළට වැටුණු එකාව ගොඩගත්ත කෙනාව තමයි ඉස්සෙල්ලම කන්නෙ. – සැමට ජය

    • Anonymous

      ඔබගේ මෙම උත්සාහය ඉතා අගය කරනවා.ඇත්තටම මේ වෙබ් අඩවිය මාව අතීතයට රැගෙ යනවා. මම මුලින්ම චිතකතා බලන්න හුරු වුනේ සිළුමින පත්තරේට පලවුන බන්ධූල හරිශ්චන්ද්‍රෙග් කතා වලින්. තලංගම ජයසිංහ ඒ කාගේ පර්සියස් කියලා කතාවක් ඇන්දා මතකයි. එතකොට දයාරාජපක්ෂගේ ආදර කොමා කතාවත් පළවුණේ දිණමිණ පත්තරේ. ඒ කොටු තුනේ කතාව කියවන්න ගේ ළඟ ෙත් කෙඩ්ට ගිහින් අනිත් අය පත්තෙර් කියවලා ඉවර ෙවනකම් බලා හිටි හැටි මට තාම මතකයි. ඒ් 1974/75ග එතකොට සතුට සහ සුහද තමයි මම කියවපුමුල්ම චිත්‍රකතා පත්තර. මගේ වීරයා වුනේ වික්‍රම ඇඳපු වීර .තීසියස්. මට කියවන්නවත් බැරි කාලෙත් මම ඒ්වා කාට හරි කියලා කියවාගන්නවා සතුට පත්තරේ පළවුන සුසීමා වැනි කතාවක් නැවත පළ කළාට ස්තුතියි. ‍ඔබට හැකියාවක් තිබේනම් වික්‍රමගේ තීසියස් කතාව හොයාගන්න මම ඉතාම අගය කරනවා

  5. comic lover

    නිශාන්තගෙ comment එක හිතේ කණගාටුවක් ඇතිවුණා, ඔහු කරන කාර්යය ගැන අපට නම් තියෙන්නෙ ලොකු ගරුත්වයක් , ඒත් කොතනත් කොයි දේටත් අකුල් හෙලන වැරදියට දකින සීමිත පිරිසක් ඉන්නවා, ඔවුන්ට අනුකම්පා කරන ගමන් මේ සද්කාර්යය නිහඬව කරගෙන යන්න , කාලය ඔවුන්ට සත්‍ය අවබෝධ කර දෙයි…

  6. Buddhika Udayajith Dodampegamage

    slcomics පවත්වාගෙන යාමට මහන්සිවෙන ඇඩ්මින් මහතා සහ නිශාන්ත කෝදාගොඩ මහතාට එමගින් කිසිම මුල්‍ය ප්‍රතිලාභයක් හෝ ප්‍රසිද්ධියක් ලැබෙන්නේ නැහැ .. ඔවුන්ගේ facebook profile දිහා බැලුවත් මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යන අය ඔවුන්බව අපට සොයාගන්නට අපහසුය්. ඔවුන්ට අවශ්‍ය වන්නේ අපව සතුටුකොට එමගින් ලැබෙන තෘප්තිය පමණක් බව ඉතා පැහැදිළිය් … නිශාන්තගේ comment එක දුටුවහම හිතට ලොකු කණගාටුවක් ඇතිවුණා..අපව සතුටු කරන්නට ඔවුන් වෙන මහන්සියට ඔවුන්ට ලැබිය යුතු ප්‍රශංසා වෙනුවට ඔවුන්ව විවේචනය කරනවා නම් එය ඉතාම පහත් ක්‍රියාවක් ..නමුත් බොහොමයක් ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් ඔබ කරන මේ මහඟු කාර්යය අගය කරන බව ඔවුන්ගේ අදහස් වලින් පේනවා. අද සාමාජයේ කෙතරම් හොඳ කරත් එහි අඩුපාඩු දකින , විවේචනය කරන අය සිටිනවා .. ඔවුන් කරන කියන දේ හැකිතරම් නොසලකා හැර , ඔබ දෙදෙනා කරන මේ සත් කාර්යය ඉදිරියටත් කරගෙන යන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා..ඔබලාට ගොඩක් පින්

  7. Prageeth Abeydeera

    නිශාන්ත සොයුරාගේ කලකිරීම හා හිත් වේදනාව පිලිබදව මගේ කණගාටුව ප්‍ර‍කාශ කරනවා. යමක් කෙරැවොත් එහි වැරදි සොයන්නට දහසක් සිටියත් යමක් කරන්නට කිසිවෙක් නැහැ. ඔබත් ඇඩිමින් සොයුරාත් හැකි තාක් කල් මෙය කරගෙන යන්න. ඔබ දෙදෙනාගේ මේ වෑයම නිසා නව චිත්‍ර‍කතා ප්‍ර‍ාකශන ආරම්භ වුණා. චිත්‍ර‍කතාවට නව වටිනාකමක් ලැබුණා. කවුරැ අමතක කලත් මා එය ඊයෙත් අදත් හෙටත් සැමදා ගෙෘරවයෙන් සිහිපත් කරනවා .. මල් රැසක් සමග එන එක ගලක් නොසලකා ඉන්නට ඔබ දෙදෙනාටම ශක්තිය ලැබේවා. ඔබට ජය

  8. Kumudu Wijayathilaka

    සතුටත් සමග මේ ටිකත්…

    අදින් දශක ගණනාවකට පෙර මා නොඉපදුනු කලක ඇරඹි චිත්‍රකථාව නම් සුන්දර කලාව වත්මන වන විට වැඩිවියත් ඉක්මවූ මැදි වියට පැමිණ ඇත…

    තතු එසේ වුවත් චිත්‍රකථාවේ ළමා කාලය කාටත් කෙමෙන් අමතක වී ගිය සහ වැලලී ගිය යුගයක එකී වූ සුන්දර ළමා කාලය වත්මන් තාක්ෂනයද නොමැතිව නොවිදිනා දුක් දොම්නස් විදිමින් කාලය – ශ්‍රමය – ධනය වැය කොට ඇති දැඩි කල චිත්‍රකථා ශිල්පීන් නම් ලක් මවට මාණික්‍ය බදු වූ සොදුරැ සිත්තරැන්ද කාලයත් සමග අමතක වී ගිය යුගයක….

    එකී වූ වැලලී ගිය නටඹුන් වලට නැවත ප්‍රාණය එක් කලේ අදින් වසර 3කට පමණ හෝ ඊටත් පෙර ඇරඹි slcomics නම් වූ කලා කෟතුකාගරයෙනි….

    ජාතික චිත්‍රකථා පදනම, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේනතුව, චිත්‍රකථා එකතු කල සීමිත රසිකයින් ලගට පමණක් සීමා වූ චිත්‍රකථාව නැවත කරලියට පැමිණියේ slcomics තුලිනි…

    වත්මනේ අලෙවි වන චිත්‍රකථා ප්‍රකාශන සදහා slcomics බාධාවක් නොවූ බව මා දන්නේ නිමන්සා ප්‍රකාශන අධිපති වසන්ත පරණවිතාන මහතා මාගේ ලබැදියෙක්ද වන නිසයි….. නිමන්සා ප්‍රකාශන සදහා අවැසි ඇතැම් කොටස්ද ලබා දී එතුලින් චිත්‍රකථා ඇදි සිත්තරැන්ට මූල්‍ය වටිනාකමක් එක් කිරීමටද slcomics ඉත සිතින් දායක වූ බව මා හොදින් දන්නා කරැණකි….

    එසේ වූ මෙකී සුන්දර කලා කෞතුකාගාරය copyrights නම් පැනයක් මුල් කොට නැවතුන තැන් සිට අපගේ හදවත්ද නැවතුනා මෙන් හැගීමක් මෙන්ම ඇතැම් දින වල නින්දත් නොනින්දත් අතර මෙකී පැනය අපි කල්පනා කෙරැවෙමු….

    දැන් නැවත කතරකට වට වැස්සක් මෙන් තිබූ පරිදිම නැවතත් slcomics අප දෑස් ඉදිරියේ විරාජමාන වී ඇත… දැනෙන සතුට වචන වලට පෙරලිය නොහැකියි…

    මේ ඉල්ලීම සිත්තරැන්ගෙන්….
    වත්මනේ ඔබලාව බබලවන එක් මාධ්‍යයකි slcomics. එහි පලවෙන කථාවන්ගෙන් එකල වැජඹුනු ඔබ අද නැවත චිත්‍රකථාව තුල බැබලෙනු ඇත…. අනාගතයට ඔබ අමරණීය වනු ඇත….
    නැවත ඔබව ජාතික චිත්‍රකථා පදනම, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේනතුව, චිත්‍රකථා එකතු කල සීමිත රසිකයින් ලගට පමණක් සීමා නොවනු ඇත… සකල ලෝ වැසි චිත්‍රකථා රසිකයින්ට ඔබව ඔවුනට අවැසි අවැසි විට අනුස්මරණය කරමින් ඔබ එකල ඇදි මිල කල නොහැකි සිතුවම් නැවත නැවතත් නැරඹිය හැකිවාක් මෙන්ම අනාගතයට පවතිනු ඇත…

    හිතාදර ඇඩ්මින් වෙත…
    නොසැලෙනු මැන නැවත කිසිවිටෙක.. පැණයක් ඇත්තවුන් ඇත්නම් ඔවුන් ඔබ අමතනු ඇත.. එතෙක් නැවත සුපුරැදු ගමන අපි ආරම්භ කරමු…. ඔබ කලේ ලක් මෑණියන් සතුවූ මිණි කැට ඔප්නැන් වීමයි…
    මෙහිදී දුක් සහගත සිදුවීම් සිදු වුවත් නොසැලෙන්න ඔබ නැවත…
    වත්මනේ නූරි කන්ද නන්පේරියල් වතුයාය, කොස්ලන්ද, කොස්ගම හා ගං වතුරින් විපතට පත් සැමට ඇදි වත පමණක් ඉතිරි වුවත් ඔවුන් අනාගතයට නොසැලී නැවත මුහුණ දෙන බවත්… උතුම් මිනිසුන්ගේ ශක්තිය ඔවුන් වෙත යොමු වන බවත් ඔබද දැක අසා ඇත…
    මෙහිදීද එසේමය… ඔබ වටා ඔබ සමග චිත්‍රකථාවේ අමරණියත්වය – පැවැත්ම අපේක්ෂා කරන සුනුදර මිනිසුන් වගේම සොදුරැ සිත්තරැන් සැම විට ඔබ සමගම වනු ඇත…

    නිශාන්ත මහත්මා මෙන්ම චිත්‍රකථා ඔබ වෙත ලබා දෙන සැමද ගෞරවයෙන් සිහිපත් කරමින් නැවතත කිසිවෙකුට මෙකී සුන්දර කෞතුකාගාරයට එරෙහිව කිසිදු අනවශ්‍ය බලපෑමක් සිදු කිරීමට නොලැබේවායිද පතමින්….

    පුරැදු විදහට ඇඩ්මින්ට හා නිශාන්ත මහත්මාට නොසැලී පෙරමුණට යන්නට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවායි පතමින් නැවත් සුනදර චිත්‍රකථා රසවිදීමට අති මහත් ආහාවෙන් මේ අකුරැ කිරීම නවතන මා….

    කුමුදු විජයතිලක…

  9. slchithrakatha

    SL-Comics නැවත ඇරඹු පසු සහද සිතින්..

    ඉතින් ඇඩ්මින්… සිතට සතුටක් දැනෙනවා නේද ආයේ සමාජ මෙහෙවරට පැමිණිය හැකි වීම පිළිබදව… අපිත් අවංකවම හදවතින්ම සතුටු වෙන ගමන්ම හදවතින්ම සැමදාම ඔබට සුභ පතනවා නැවත මොන කලබල ආවත් නොවැටී පෙරමුණටම යාම සදහා…

    එක් අවස්ථාවක ඔබ පවසා සිටියා SL-Comics මේ අවුරැද්දෙන් ඉවරයි කියලා.. ඒ දේ එහෙම වෙන්න දෙන්න එපා… හද ගැස්ම නවතින තුරැ කලාකරැවෙක් – කලා රසිකයෙක් ඒ තත්වයෙන් මිදෙන්නේ නැහැ ඇඩ්මින්…

    හිතන්න… ඔබ විවාහක නම් ඔබට එක් භාර්යාවයි… දරැවන් නම් දෙතුන් දෙනයි… ඒ අය ඔබට පනටත් වඩා ලෙන්ගතුයි… හැම විටම දුකට සැපට දෙකටම ඔබ ලගමයි… පැහැදිලිනේ… ඔබ සමග ඔබේ හැම දේටම ඉතාම ලගින්ම කීප දෙනයි.. ඒ අය ඔයාව අගේකරනවා.. වැටෙන්න දෙන්නේ නැහැ.. ලගින්ම ඉන්නවා..

    එහෙනම්… ඔබගේ SL-Comics අඩවියෙහි ගොඩාක් දෙනෙක් හිටියට හැමවිටම ඔබව අගේ කරන්නේ.. ලයික් – කොමෙන්ට් කරන්නේ අතේ ඇගිලි ගානටත් අඩු පිරිසක් වෙන්න පුලුවන්… ඒත් ඒ අය තමා ඔබගේ SL-Comics එකේ ඔබ ලගින්ම ඉන්න අය…

    දහමක් උනත් හැමදෙනාම අවබෝධ කර ගන්නේ නැහැ… ඒත් දහම ප්‍රචාරය කරන එක නවතින්නේ නැහැ… දහමට ආසා කරන අය කවදාවත් දහම අත හරින්නේ නැහැ…

    ඒ වගේ අපිත් ඔබව කවදාවත් අතහරින්නේ නැහැ.. රැවින් නොදැක්කත්.. කථා නොකලත්.. ඇසුරැ නොකලත්… ලගම ඥාතීන්ටත් වඩා ඔබ සමග අප ලෙන්ගතුයි… ඒ ලෙන්ගතුකම අප දිවි තිබෙනතුරා පවතීවි…

    එනිසා ඔබේ ගතේ සවි ඇති තුරාවටම කවර බාධක ආවත් SL-Comics 1970 ගණන් වල සිට 2000 ගණන් දක්වා පල කල, ඔබට පල කිරීමට අවසර ඇති සියළු කථා පල කොට නිම වන තුරැ නවත්වන එපා කියා සහෝදරත්වයෙන් යුතුව ආයාචනා කරනවා…

    අනාගතයකදී දවසක ඔබේ SL-Comics අඩවිය චිත්‍රකථාවේ කෞතුකාගාරය වේවි..

    එසේ පවසන්නේ 1970 ගණන් වල සිට පල කල සෑම චිත්‍රකථාවක්ම ජාතිික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ හෝ ජාතික චිත්‍රකථා පදනම සතුව හෝ එකතු කරන්නා වූ කීප දෙනා ලග තිබුනට පලක් වන්නේ නැහැ…

    එසේ පවසන්නේ අපට අවැසි අවැසි විට.. අපගේ දිවියේ දුක් දොම්නස් කරදර බාධක පැමිණි විට අපට සැනසිල්ලක් ඇති කර ගැනීමට ඇති රසවත්ම සම්පත චිත්‍රකථාවම වන නිසයි…

    ඒ නිසා චිත්‍රකථාවේ අනාගතය ඇඩ්මින් ඔබ සතුයි… චිත්‍රකථා කෞතුකාගාරයට ඔබ අත්තිවාරම දැමුවා.. ඉන් පසු ඔබ එය නිශාන්ත මහත්මා සහ තවත් සහෘද්දයින් සමග ක්‍රමයෙන් තෙවසරක් පුරා ගොඩ නැගුවා… දැන් ඔබ කල යුත්තේ සෑම දිනම ඒ ගොඩනැගූ කෞතුකාගාරයට දින දින කෞතුක වස්තු එක් කිරීමයි…

    එසේ නම් ලොව විශාලම ප්‍රදර්ශනාත්මක චිත්‍රකථා කෞතුකාගාරය SL-Comics වේවා…
    ඒ සදහා ඇඩ්මින් ඔබතුමාට මෙන්ම නිශාන්ත මහත්මා ඇතුළු සහාය දෙන අන් සෑම දෙනාටමත් තෙරැවන් සරණින් ශක්තිය ධෛර්යය ලැබේවා කියා චිරං ජයතු කියමින් SL-Comics වෙත සුභ පතමින් මේ සටහනින් දැනට සමුගත් මුත් සදා ඔබට ලෙන්ගතු මා…

    කුමුදු විජයතිලක…

  10. ams

    Dear Admin,
    We have been interesting these comics stilly. Assortment of comics also better. Please don’t worry about our silent.

  11. වර්ෂා

    මේ චිත්‍රකතා මෙසේ දකින්නට ලැබීම පුදුමාකාර සතුටක්.මං ඉතා ම කුඩා දැරියක ව සිටියදීයි චිත්‍රකතා කියැවීම ආරම්භ කළේ.ඒ අම්මාත් තාත්තාත් ඔවුන්ගේ කුඩා කාලයේ කියැවූ සිත්තර,සතුට,සුහද ආදී පත්තර යම් ප්‍රමාණයක් සංරක්ෂණය වී තිබූ නිසා.ඒ පත්තරවල තිබී තැනින් තැන කියැවූ කතා මේ විදියට සම්පූර්ණයෙන් කියවන්නට ලැබීම හරිම සතුටක්.අපේ වයසේ ගොඩක් දෙනා දැන් යොමුවෙලා ඉන්නේ ටෙලි මාධ්‍යවලටයි.ඒත් මේ වගේ චිත්‍රකතාවක් කියවලා ලබන සතුට කවදාවත් වෙනත් මාධ්‍යයකින් ලබාගන්න බැහැ.අනූව දශකයේ ඉපදුණු අපිටත් අතීතයේ මිහිර විඳින්න ඉඩ ලබා දුන්නාට ගොඩක් ස්තූතියි.ඇඩ්මින්වරුන්ට මේ කටයුත්ත සාර්ථකව කරගෙන යන්නට ඉතාම ආදරෙන් සුබ පතනවා.. ජය වේවා..!

  12. DDR 564

    ඔබ එස් එල් කොමික්ස් පටන් ගත් දා සිට මා කළ ඉල්ලීමක් වූයේ බන්ධුල මාස්ටර්ගේ රසික පත්‍තරේ පළ වූ ‘සිංහළ දේශය‘ චිත්‍රකතාව පළ කරන්න කියායි. කවදා හරි එය පළකරයි කියා සිතා සිටියත් එය ඉටුවන එකක් නැහැ. ඔබ මෙය නවතා දමන්න සිතා සිටින බවක් ඔබ විසින් කියා තිබුණා. හැකි නම් එහි කොටස් කිහිපයක් හෝ පළකරන්න. මෙය ඒ සම්බන්ධව කරන අවසාන ඉල්ලීම වේවි.

  13. piyadasun

    අනේ පුලුවන් නම් බන්ධුල හරිශ්චන්ද්‍ර මහත්මයා ඇඳපු නල දමයන්ති හා සකුන්තලා නැවත පල කරන්න. ඒ මහත්මයා හමුවෙලා ඉල්ලාගන්න හිතෙන තරමට ඒ කතාව ලස්සනයි. මගෙ ජීවිටේ ලොකුම ආසාවක් ඒ කතා දෙක කා ගාව හරි තියනවානම් කොහොම හරි එක පාරක් වත් ඉල්ලගන කියවීමවත්.

  14. kolitha Senanayake

    mage laga daya raja paksha mahathage ” Nesansala saha Podi mama ” Thiyanava – Obata laba denna kamathi – Kolitha

  15. slchithrakathaKumudu Wijayathilaka

    ඇඩ්මින්තුමනි…

    මේ දිනවල ඔබ නිහඩව සිටින්නේ අසනීපයකින් නම් ඉක්මන් සුව, නිදුක් නීරෝගීභාවය චිරජීවනය සැලසේවා…

    කාර්ය බහුල නම් එකී කාර්යන් අපහසුතාවයන් මැඩගෙන හොදින කිරීමට ශක්තිය ලැබේවා…

    කලකිරීමකින් හෝ අමනාපයකින් නම්… කිසිවකින් නොසැලෙන්න, නොඇලෙන්න, නොගැටෙන්න… යුතුකම වගකීමක් ලෙස සිතා රටේ ජනගහනයෙන් අතලොස්සක් වූ, නමුත් චිත්‍රකථා කලාව වෙනුවෙන් එදා නොවිදිනා දුක් විදිමින් පනං හතරක් හොයා එකී කථා රසවිදි මෙන්ම විවිධ බාධක මැද චිත්‍රකථා ඇදි සිත්තරැන්ද වෙනුවෙන්…

    අනාගතයේ චිත්‍රකථා කෞතුකාගාරය ලෙස අප නම් කිරීමට බලා සිටින SL- Comics කිසි දිනක, කිසිවෙකුගේ බලපෑමක් මත, කලකිරීමක් නිසා නොනවත්වන ලෙස ගෞරවයෙන්, කරැණාවෙන්, බැගෑපත්වී ඉල්ලා සිටිනවා…

    අවසාන වශයෙන්සු පුරැදු පැතුම…
    SL- Comics චිත්‍රකථාවේ කෞතුකාගාරය වේවා…
    අඩ්මින් ඔබට, නිශාන්ත මහතාට, කථා සපයන අයට චිරං ජයතු වේවා..
    සැමට තෙරැවන් සරණ වේවා…

  16. ams

    අතීතයේ මිහිර විඳින්න චිත්‍රකතාවක් කියවලා සතුට ලබාගන්න ඉඩ දුන්නාට ගොඩක් ස්තූතියි SL COMICS වෙබ් අඩවියට මගේ සුබ පෑතුම්. ඇඩ්මින් මහතාට සහ කථා සපයන නිශාන්ත මහත්මා ඇතුළු සහාය දෙන අන් සෑම දෙනාටමත් ජය වේවා..! තවත් චිරාත් කාලයක් යෙහෙන් වෑජඹිමට ලෑබේවායි පතමි.

  17. slchithrakatha

    ඇඩ්මින්තුමනි ඉල්ලීමක් කරන්නම්… බැරිවෙයිද මෙතෙක් පහල වූ හැම චිත්‍රකථා ශිල්පියාගෙම පළමු වැනි කථාව පල කරන්න… පල කල ඒවා හරි.. නමුත් ඒවත් ආයේ නම් කරලා හැමෝගෙම පළමු කථාව SL-Comics තුලින් පල කරමුද..???

    එසේම සිංහ සිත්තරාණන්ගේ හා විලින්ටන් රාජපක්ෂ සිත්සතරාණන්හනගේ සහ කුමුදු තාරක සිත්තරාණන්ගේ කථාත් කාලෙකින් පල උනේ නැහැ නේද..
    විශේෂයෙන් සිංහ සිත්තරානන්ගේ කථා වලට මම පෞද්ගලිකවම ආසයි…

    එසේ නම් සුපුරැදු පැතුම ලොව විශාලම ප්‍රදර්ශනාත්මක චිත්‍රකථා කෞතුකාගාරය SL-Comics වේවා…

    ඇඩ්මින් ඔබතුමාට චිරං ජයතු
    ඒ සදහා ඇඩ්මින් ඔබතුමාට මෙන්ම නිශාන්ත මහත්මා ඇතුළු සහාය දෙන අන් සෑම දෙනාටමත් තෙරැවන් සරණින් ශක්තිය ධෛර්යය ලැබේවා කියා චිරං ජයතු කියමින් SL-Comics වෙත සුභ පතමින් මේ සටහනින් දැනට සමුගත් මුත් සදා ඔබට ලෙන්ගතු මා…

    කුමුදු විජයතිලක…

  18. DDR564

    සිංහල දේශය කතාව ඉදිරියෙදි පළකරන බව කියා තිබුණා. බොහොම හොද ආරංචියක්…! මම බලා සිටියා ඔබ එය පළකරන තෙක්… සුබ පැතුම්! මම එය කාලයක් තිස්සේ කරන ලද ඉල්ලීමක්… එස්.එල් කොමික්ස් ආරම්භයේ සිටම මා ඔබ සමග සිටියා. ඉදිරියටත් එසේමයි. ජයවේවා.

  19. Kumudu Wijayathilaka

    ශ්‍රී සුභ අලූත් අවුරුද්දක් වේවා…!

    සබ්බීතියෝ විවජ්ජන්තූ – සබ්බ රෝගෝ විනස්සතූ
    මා තේ භවන්වන්තරායෝ – සුඛී දීඝායුකෝ භව….

    සාමය සතුට පිරි සියලු පැතුම් ඉටුවෙන
    සිත් මලේ පුබුදින පැතුම් පොදි ඉටුවෙන,
    හද නිවී සැනසෙන නිරෝගී සුව ලබාදෙන,
    අත මිට බැබලෙන ඉසුරින් පිරවෙන….

    ශ්‍රී සුභ අලූත් අවුරුද්දක් වේවා…!

    SL- Comics චිත්‍රකථාවේ කෞතුකාගාරය වේවා…

    අඩ්මින් ඔබට, නිශාන්ත මහතාට, කථා සපයන අයට චිරං ජයතු වේවා..

    අඩ්මින් ඔබට තෙරැවන් සරණ වේවා…
    ශ්‍රී සුභ අලූත් අවුරුද්දක් වේවා…!

  20. Anonymous

    සියලු දෙනාට ම සුබ නව වසරක් පතමි.
    සිත්තර පත්‍රයෙහි පළ වූ ඉන්ද්‍රජිත් රන්ජන් දන්තනාරායන චිත්‍ර ඇඳි “සුවඳි” කතාව පළ කරන ලෙස කාරැණික ව ඉල්ලා සිටිමි.

  21. DDR564

    ආරියසිරි කොඩිතුවක්කු මහතාගේ කතාවක්, සීමිත නැවතුම් හෝ සදමඩල ගිනිගනී හෝ ඇසට හසුවන මායිමේ වැනි කතාවක් ඉදිරිපත් කළ හැකි නම් මැනවි.බන්ධුල මාස්ටර්ගේ සිංහල දේශය චිත්‍රකතාව කියවීමට ආසාවෙන් බලා සිටිමි. සුසිල් මාස්ටර්ගේ මල්රේනු වැනි කතාවක් ඉදිරිපත් කළ හැකිනම් එය කතා පිළිවෙලට අලුත් ආලෝකයක් වනු ඇත. සැමට ජය හා සතුට…!

  22. Anonymous

    anton b perera mahathage ” x19 , caravan 404 ” palakarana men karunaven illa sitimi

  23. DDR564

    බන්ධුල මාස්ටර්ගේ සිංහල දේශය පළකිරිම ගැන මාගේ ස්තූතිය පුදකරමි. ඔබට ජය…!

  24. himaladesilva

    සර්, මට පට පටින් සිහිනයක් සම්පුර්ණ චිත්‍ර කතාව සොයාගැනීමට පුළුවන් ද?

  25. ams

    The style has been changed as previous with new comics which never been read by me .It’s appreciated your generous effort with glad.Thank you and All the best.

  26. DDR564

    සිංහල දේශය කතාව පළකිරීම ගැන පළමුව ඔබට මගේ හෘදයාංගම ස්තූතිය පුද කරමි. දෙවනුව ආරියසිරි කොඩිතුවක්කු මහතාගේ රසික පත්‍රයේ පළ වූ ‘ඇසට හසුවන මායිමේ“ කතාව පළ කරන මෙන් ඉල්ලා සිටිමි. එස්එල් කොමික්ස් අඩවියට කොතරම් ගැටලු ඇතිවුවත් ඒවා මැඩගෙන ඉදිරියට යාමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s