Category: *Messages from Admin

සමුගැනීම

882742_530009623715868_1051473211_o

වසර 5කට ආසන්න කාලයක් ඔබ හා රැදී සිටි අප හට සමුගැනීමට කාලය එලබ ඇත. මීට පෙරත් දෙවතාවක් පමන සමුගැනීමේ සටහන් තැබූ නිසා එකම දේ නැවත නැවත නොලියා සිටීමට තීරනය කලා. කෙටියෙන් කියනවානම් sl-comics ගැන දන්නෝ දනිති. නන් අයුරින් අපට සහාය දුන් චිත්‍රකතා ශිල්පීන්ටත්, රසිකයින්ටත්, කතා සැපයූ කිහිප දෙනාටත් මගේ හද පිරි ස්තූතිය මෙලෙස පිරිනමමින් ඉතින් සමුගන්නම්.

SL-COMICS ADMIN

RED HEART 78 – 81

SL-COMICS ජයග්‍රාහී පස්වන වසරට පා තබයි…!

5th-anniversary1

පුරා වසර හතරක් තිස්සේ ඔබට සිංහල චිත්‍රකතාවේ චමත්කාරය යලි යලිත් මතක් කල SL-COMICS අද පස්වන වසරට පිය මනියි. අති විශාල චිත්‍රකතා ගොන්නක් මේ වන විට ඔබට දායාද කල අප් මේ වසරේදීත් ඔබ ප්‍රිය කරන කතා ගොන්නක් ගෙන එමින් සිටිනවා. මේ කතා කියවන චිත්‍රකතාවට ලැදි ඔබ වැනිම කිහිප දෙනෙක් විසින් අප වෙත කතා සපයා දුන්නා සේම තවමත් ඔවුන්ගේ උදවු ලබා දෙමින් සිටිනවා. චිත්‍රකතා පත්තරයක් නැති අඩුව පුරවන්නට අංශු මාත්‍රයක් තරමින් හෝ උත්සහා කරමින් යන මේ ගමනේ අප හා බැදී සිටින රසික කැලටත් චිත්‍රකතා ශිල්පීන්ටත් අපගේ හද පිරි ස්තූතිය පිරිනමනවා. ඉදිරියේදී ඔබ හමුවට කැලෑ කෙල්ල, ටෝගා සහ නිල් දියමන්තිය, පාන් බට්ටා, ඔබ මාගේ නෙත් දෙක වාගෙයි සිංහල දේශය, යක්ෂයාගේ ආත්මය සහ තවත් රසවත් කතා ගනනාවක් ගෙන එන සුභ ආරංචියත් තබමින් අදට සමුගන්නම්.
ADMIN
SL-COMICS