Category: Sumathipala Jothipala

5 වන වර්ෂ පූර්න කලාපය

ithin-eeta-passe-cover-18

එදා 2013 මාර්තු මස විනෝදයට මෙන් SL-COMICS ආරම්භ කරද්දි නිකමටවත් මෙතරම් දුරක් එන්න සිතුවේ නැහැ. ඒත් අද වන විට අප වසර 5ක් දුර ගමනක් ඇවිල්ලා නොදැනීම. වරින් වර අතරමග නැවතීම් අතර තුර හෝ අප වසර 5ක් සම්පූර්ණ කලා. කතා 350කට ආසන්න ප්‍රමාණයක් ඔබ වෙත ගෙන ආවා. ඒ ගමනේදී තවත් අය මේ ගමනට එකතු වුනා. ලැබෙන සුලු විවේකය කැප කරමින් මේ කාර්ය කරත් එයින් ලැබෙන ආත්ම තෘප්තිය මිල කල නොහැකියි.

චිත්‍රකතා නැත්තටම නැතිවි තිබූ යුගයක අප තැබූ මුල් වෙඩිල්ල මල් පල දරා අද විවිධ අන්දමින් නිර්මාණ, පත්තර, පොත්, වෙබ් අඩවි බිහිවෙනවා. ඒ ගැන විවිධ අවස්ථාවල සදහන් කරන රසිකයින් හට මා මේ අවස්තාවේ බොහෝ ස්තූතිවන්ත වෙනවා. එදා ආරම්භයේදී සිටි රසිකයින් අදටත් දකින්න හැකිවීම සතුටක්. කාර්ය බහුල අවස්තාවලදී අතර මග නවත්තා දමද්දී ඔබට මෙන් මටද එය කනගාටුවට කරුනක්.

කෙසේ වෙතත් චිත්‍රකතාවට අද නව පනක් ලැබී ඇත. අප ගැන සදහන් කලත් නොකලත් අප ගත් උත්සහාය සපල වීම සතුටක්. ඔබ slcomics රසිකයෙක්නම් ඒ ගැන තර්ක වාද කිරිමට නොයන්න. හොද දෙයක් කරන්න යම් ලාභයක් ලැබිය යුතුම නැත. පසුගියදා මදකට නවතා දැමූවත් සමහර කතා අතරමග නවතා දැමීම පිලිබද තිබූ අපහසුතාවය නිසාමත් යුනිකො3 ලබාදීමටත් නැවත පැමිනියත් මෙය දීරිඝ කාලීන නොවන් බවත් දැන්ම තියාම මතක් කල යුතුයි. ඉතින් අප වසරාවසානෙය් සමුගත්තොත් එය හදිසි තීරනයක් නොවන බව වටහා ගන්න.

මීට අමතරව මෙහි පල වන කතා රාශියක් ලබා දුන් ,(විශේෂයෙන්) නිශාන්ත කෝදාගොඩටත්, අජිත් ප්‍රියංකර සහ රංජිත් බණ්ඩාර යන සහෝදරයින්ට මාගේ ස්තූතිය පිරිනමනවා. ඒ අතරම තව කතා සැපයු සියලු දෙනාටත් ස්තූතිය්. නිතර මා දිරි ගන්වන රසික ඔබටද මාගේ ස්තූතිය. අවසාන වශයෙන් මේ සුන්දර කාර්යට මුල් මුදුන වූ අපගෙ අති දක්ෂ කිසිවෙකුට නොදෙවෙනි චිත්‍රකතා ශිල්පීන්ට මාගේ හද පිරි සුභ පැතුම් පිරිනමමිචිත්‍රකතා ඉදිරියට රැගෙන යන්නට උත්සහා කරනා සියලු දෙනාට අපේ සුභ පැතුම්.

 අපෙන් වෙන්වී ගිය චිත්‍රකතා ශිල්පීන්දමොහොතකට සිහිකරමින් අදට ඔබෙන් සමුගන්නම්.

Admin
SL-COMICS